පුවත්

මාකුඹුර අධිවේගී නැවතුම්පොළ කඩාගෙන බසයක් ධාවනය වේ

Published

on

කොට්ටාව,  මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී  පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින්  05 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.

පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රියක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිතවී  රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව  බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක  හැපී නතර වී ඇත.

පාදුක්ක පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකුතුවාල ලබා 1990 ගිලන් රථයෙන් රෝහල ගත කිරීමට එම අවස්ථාවේ එහි සිටි පිරිස කටයුතු කර තිබේ.

බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී  ඇති අතර , බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

Trending

Exit mobile version