මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ, නාය යාමේ අවදානමක් හේතුවෙනි.
ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද මෙලෙස පාසල් නිවාඩු ලබාදී ඇති අතර එම පන්ති පවත්වාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පිටුපස පස් කන්දක් සුළු නායයෑමේ තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් මෙලෙස පන්ති 10කට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.