මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යමින් ඇති අතර, මේ හේතුවෙන් රැඳවියන් 8ක් රෝහල්ගත කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී. දිසානායක අද (22) පස්වරුවේ පැවසුවේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බවයි.
මාතර බන්ධනාගාරයට යොමුකරන රැදවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව දිසානායක මහතා පැවසීය.
රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.