නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කලේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ජනාධිපති ඡන්දය තවත් මැතිවරණ ළඟ ළඟම එනවා. අපේ රටේ මාධ්‍ය ආයතන වල ඉන්න අයට කවදාවත් ඡන්දෙ දාන්න හම්බවෙන්නේ නැහැ. මේ රටේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා 17ක් තියෙනවා. ගුවන්ලිවිදුලි නාලිකා 52ක් තියෙනවා. ඡන්දය දවස්වල ගොඩක් දෙනෙක් ඉන්නේ මේ ක්‍රියාවලියේ ඉන්නේ. ගොඩක් අය සජීවි විකාශනවල.
මාධ්‍යවේදීන් මගෙන් මේ ඉල්ලීම කළා. මේ ගැන මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.”