පුවත්

මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ සැසි මාලාවක්

Published

on

දරුවන් සම්බන්ධයෙන් වාර්තාකරණයේ දී අවධානය යොමුකළ යුතු කරුණු පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ සැසි මාලාවක් ආරම්භ කර තිබේ.

ඒ යුනිසෙෆ් සංවිධානය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වය.

මෙම වැඩමුළුවේ සමාරම්භය සටහන් කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රදානත්වයෙනි.

කොල්ලුපිටියේ දී ආරම්භ වූ වැඩසටහනට මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.

යුනිසෙෆ් සංවිධානයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කිහිපදෙනෙකු මෙහිදී අදහස් පළ කලේය.

මෙම අවස්ථාවට යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කෲක් ,යුනිසෙෆ් ශ්‍රී ලංකා හි සන්නිවේදන හා උපදේශන ප්‍රධානි බිස්මාර්ක් ස්වන්ගින් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මෙම වැඩමුළුව අදියර 6ක් යටතේ පවත්වනු ලබයි.

ඊයේ ආරම්භ කරන ලද ජනමාධ්‍ය නියෝජිතයින් සඳහා වූ වැඩමුළුව අද සහ හෙට පැවැත්වේ.

Trending

Exit mobile version