කැපුම් තුවාල සහිතව හමුවූ කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි වියේ පසු වන එම ස්ථානයේ තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයෙකු බව ය.
මාලබේ, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට වීදුරු බෝතලයක කටු ඇනී ලේ වැගිරෙන තුවාල සහිතව කුඩා දරුවෙකුගේ මළ සිරුරක් ඇති බවට ඊයේ (ජූනි 8) සවස මුල්ලේරියාව පොලිසියට තොරතුරක් ලැබී තිබිණි.
හල්බරාව, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුවී තිබිණි.
මිය ගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැක බලා ගනු ලැබ ඇත්තේ, ඔහුගේ මිත්තණිය සහ සීයා විසිනි.
මෙම මරණය සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ සිටි වෘත්තියෙන් තණකොළ කපන්නෙකු සම්බන්ධයෙන් සැක මතු වී ඇත්තේ, දරුවාගේ සීයා පොලිසියට ලබා දුන් ප්‍රකාශයකට අනුව ය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ, තියුණු තලයකින් උදරය කැපී සිදුවූ ලේ වහනය වීමකින් අදාළ දරුවා මිය ගොස් ඇති බව ය.