ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් – බගවන්තලාව ප්රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණීය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
ජාතික ජන බලවේගයෙන් නුවරඑළිය දිස්ත්රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (24) දින බගවන්තලාව සිරිපුර ප්රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක රැස්විමක් පවත්වා ඇති අතර, එම රැස්විමෙන් අනතුරුව දමිළ ප්රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් දෙදෙනෙකු බගවන්තලාව නගරයේදි ජාතික ජන බලවේගයේ අපෙක්ෂකයන්ට ජන්දය ඉල්ලා වතුකරයට පැමිණියහොත් එසේ පැමිණෙන පිරිස මරා දමන බවට තර්ජනය කර ඇති බවට පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබේ.
බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවය.