පුවත්

මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේ පාර්ලිමේන්තුවට

Published

on

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව අද (20) පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ.

පක්ෂ මූලස්ථානයේදී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව බස් රථයකින්  පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ගොස් තිබුණි.

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබා දීම සඳහා ඔවුන්ව මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වේ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව පිළිබඳව මෙන්ම එහි වැඩ කටයුතු සිදු වෙන ආකරය පිළිබඳව දැනුවත් කිරිමක්ද සිදු කළ බවය.

නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් 141ක් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාම සඳහා තේරී පත්විය.

Trending

Exit mobile version