පුවත්

මාලිමාව ඇල්පිටියේ බලය අල්ලයි

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ. 

ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි.

සිය ඡන්ද ප්‍රමාණයට මාලිමාව මන්ත්‍රී ධූර 15ක් ලබා ගනිද්දී සමස්ත විපක්ෂයටම මන්ත්‍රී ධූර 15ක් හිමිව තිබීම ද විශේෂිතය.

එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය.

ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17,295 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 15

සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 7,924 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3,597 ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 3

පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,612 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2

ස්වාධීන කණ්ඩායම ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2,568 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 2

පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,350 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1

ජාතික ජනතා පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 521 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 1

දෙවන පරපුර  ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 388 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0

ජනසෙත පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 50 – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව – 0 

Trending

Exit mobile version