පුවත්

මාලිමා මන්ත්‍රීගේ රථය පාර්ලිමේන්තු පොකුණේ

Published

on

ජාතික ජන බලවේගයේ මහලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය අද (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී ඇතැයි වාර්තා වේ.

මෙම රථය අනතුරට ලක්ව ඇත්තේ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා රියදුරු පැමිණි අවස්ථාවේදීය.

අනතුරට ලක්වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථයේ නොසිටි බව පොලීසිය සඳහන් කරයි.

Trending

Exit mobile version