රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.
රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සුරා වෙළෙඳුන්, මත් වෙළෙඳුන් බවට පත්වී ඇති විටෙක පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම වෙනුවට කළයුත්තේ මත් වෙළෙඳුන්ගේ නිවෙස් පරීක්ෂා කිරීම බවද ඊයේ (26දා) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
“මේ පිරිසගේ නම් කියන්න මම කවදාත් පැකිළෙන්නේ නැහැ. මම මේ පාපයට සම්බන්ධ නොවෙච්ච කෙනෙක්. අවශ්‍ය වෙලාවට ඒ සියලු දේ හෙළිදරව් කරන්නම්. මාධ්‍ය ආයතන විදිහට, ගවේෂණශීලී මාධ්‍යවේදීන් විදිහට මම ඔබටත් ආරාධනා කරනවා, එක්කෝ මම වැරැදි නම් මාව නිවැරැදි කරන්න. රටට කියන්න මේ කරපු ප්‍රකාශය වැරැදියි කියලා. එහෙම නැත්නම් ඒ තොරතුරු මත පදනම් වෙලා ඔබ ඉදිරියට යන්න. මම ඔබත් එක්ක එකතුවෙලා ඒ අවශ්‍ය තොරතුරු, සියලු දත්තයන් සමග සමාජගත කරන්න එකතු වෙන්නම්” යැයි මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.