පුවත්

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් එකක්

Published

on

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කර ඇතැයි එහි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා කියයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය ඊයේ (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි.

අදාළ කාලය පසුගිය 07 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද, තැපෑලෙන් සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත සිදුකර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.

Trending

Exit mobile version