පුවත්

මැතිවරණ කොමිසම – අගමැති හමුව අද

Published

on

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර හමුව පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය මෙම හමුවේදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන හමුවකින් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම සිදු කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කරන බවයි.

එමෙන්ම, ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ලබා දි ඇති රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version