පුවත්

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Published

on

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද(28) රැස්වීමට නියමිතය.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන පිරිවැය පිළිබඳ අවසන් එකඟතාවයකට එළඹිමට නියමිත බවද සඳහන්ය.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය හරහා එම මුදල් ලබා ගැනීිම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සැපැතැම්බර් 24 වන දින අත්සන් තැබීය.

රජයේ මුද්‍රණාලය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කරන බව සඳහන්ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 11ක පමණ මුදලක් වැය වන බවට මේ වන විට ඇස්තමේන්තුගත කර ඇති බවය.

Trending

Exit mobile version