Connect with us

පුවත්

මැතිවරණ කොමිසම අද රැස්වෙයි; මැතිවරණයට දිනයක් දාන්න යයි

Published

on

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව අද (24 ) රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

මැතිවරණය කල් දැමීම සම්බන්ධව අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණ පනතට අනුව දින 21 කට නොඅඩු කාලයක් සඳහා මැතිවරණය කල් දැමීම සිදුකළ යුතුය. 

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතුද දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් සතියේදී තීරණය කරන ලදී.

මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම මැයි මස 11 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීරණය කළේය.
මේ අතර, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයක් තැබීමට තීන්දුවක් නොතිබූ බවට කළ ප්‍රකාශයට මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා මාධ්‍යවෙත පවසා තිබුණේ පළාත් පාලන මැතිවරණය කැඳවුයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හා මැතිවරණ නීතියට අනුව නීත්‍යානුකූලව බවයි. 

ඔහු ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය මැතිවරණ කොමිෂන් සභාවේ සියළු සමාජිකයින්ගේ එකඟතාව ඇතිව සිදුවූ බවයි.

මුදල් ලබා නොදීමේ පසුබිමක දැනට ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට රැස් වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved