පුවත්

මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

Published

on

ජනාධිපතිවරණයේ දින තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව  හෙට (24) රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිසම රැස්වී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිබඳවඅවසන් තීරණය ගන්නා බවද එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇප තැන්පත් මුදල් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කිරීම සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අදාළ කැසට් නිවේදනය මේ සති අන්තයේ නිකුත් කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21  හෝ 28 යන සෙනසුරාදා දිනෙක පැවැත්වෙනු ඇතැයි ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version