පුවත්

මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වුණොත් පළාත් පාලන මැතිවරණය කල්යනවා!

Published

on

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හෙට (19) දිනයේදී සම්මතවුවහොත් එය පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණයට ඇතුළත් කිරීමට සිදුවන්නේ නම් නියත වශයෙන්ම එම මැතිවරණය කල් යාමේ අවදානමක් ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ හෙට සම්මත කර ගන්නා පනත ඇතුළත් කරණ නියමිත දින වකවානුවක් නොමැතිවීම නිසා එය ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අවදානමක් මතුකර ඇති බවයි.

ඒ මහතා පෙන්වාදෙන්නේ එය සම්මතවීමෙන් පසුව එය ඇතුළත් කිරීමට ඇතැම් විට පළාත් පාලන පනත වුවද වෙනස් කිරීමට සිදුවනු ඇති බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට (19) පැවැත්වීමට අද (18) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව හෙට පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත බව ද මහලේකම්වරයා පැවසීය.

අද දිනයේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට, මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබිණි.

Trending

Exit mobile version