පුවත්

මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර  මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ජී. තච්චනා රාණී මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස හැන්සාඩ් සංස්කාරක සී.එන්.එල්.ද සිල්වා සහ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක යන මහත්මීහු  කටයුතු කරති.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට ඉහත සඳහන් කමිටු සාමාජිකයන් පෞද්ගලිකව හමුවී හෝ ඊමේල් මාර්ගයෙන් හෝ දුරකතන මාර්ගයෙන් හෝ ඒ පිළිබඳව කරුණු දැක්විය හැකි බව  පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් හංස අබේරත්න මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.

එම කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තු මහ ලේකම් හෝ සහකාර මහ ලේකම්වරයාටද ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ හැකි බව  එහි දැක්වෙයි.

සිද්ධිය පිළිබඳව තොරතුරු ලබා දෙන්නන් ගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් පූර්ණ රහස්‍යභාවය  හා සුරක්ෂිතභාවය සුරැකීමට කටයුතු යොදා ඇති බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත්  සඳහන් වේ.

(ලංකාදීප)

Trending

Exit mobile version