පුවත්

මැයි 9 ඇමැති –  මන්ත්‍රී නිවාස ගිනි තැබීමේ වාර්තාව ජනගත වෙයි

Published

on

පසුගිය වසරේ මැයි 9 වැනිදා හා ඊට අදාළ දින කිහිපයේ නිවාස ගිනි තැබිම් හා දේපළ විනාශ කිරීම් සම්බන්ධව රට පුරා පැවති සිදුවීම් මාලාව සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව කොළඹ අභියාචනාධිකරණයට පසුගිය සිකුරාදා භාර දී තිබේ.

මෙම ත්‍රි පුද්ගල කමිටුවේ සභාපති ලෙස වසන්ත කරන්නාගොඩ මහතා කටයුතු කළ අතර එහි සෙසු සාමාජිකයින් ලෙස හිටපු යුද්ධ හමුදාපති දයා රත්නායක සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක කටයුතු කළේය. 

එම වාර්තාවේ පිටපතක් මේවන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද භාර දී තිබුණි. 

පෙත්සම්කරුවන් 39 දෙනකු විසින් කොළඹ අභියාචනාධිකරණයට ගොනු කර ඇති මේ සම්බන්ධ නඩුවේදී පසුගිය සිකුරාදා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබිණි.

ඒ අනුව නඩුවේ කොටසක් ලෙස මෙම වාර්තාව අධිකරණයට භාර දී තිබුණි. 

මේ අනුව මෙම වාර්තාව පොදු ලියවිල්ලක් බවට පත්වන අතර මේ හරහා මැයි 9 වැනිදා සිදු වූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් නිසි අනාවරණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව රජයේ පාර්ශවවල අදහසවී තිබේ.

Trending

Exit mobile version