පුවත්

මැලේසියාවේ මියගිය ශ්‍රී ලාංකික යුවළගේ මෘත ශරීර අද දිවයිනට

Published

on

මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වු  ශ්‍රී ලාංකික ඉන්ජිනේරු යුවළගේ මෘත ශරීර අද (27) මෙරටට රැගෙන ඒමට නියමිතය.

මේ වන විට එම මෘත ශරීර පිළිබඳ නීතිමය කටයුතු අවසන් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි හා මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා සඳහන් කරයි.

එමෙන්ම ඔවුන්ගේ සිවු හැවිරිදි දියණිය ද මෙරටට පැමිණීමට නියමිත අතර දැනට එම දැරිය ඇගේ ඥාතියකු සමඟ රෝහල් භාරයේ සිටී.

මැලේසියාවේදී ඉකුත් 21 වෙනිදා රිය අනතුරකට මුහුණ පාමින් මියගොස් ඇත්තේ ගාල්ල වඳුරඹ පදිංචිව සිටි 35 හැවිරිදි සශික රංගොඩ හා ඔහුගේ බිරිය වන 32 හැවිරිදි ශාමෙලා රංගනී ජයතිලක යන දෙදෙනාය.

Trending

Exit mobile version