මාතර, මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා අද (30) අලුයම මිය ගොස් තිබේ.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ පස්වරුවේ එම පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම පුද්ගලයා මාර්ගයේ සිටින අවස්ථාවේදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබිණ.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ, වැලිගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකි.