Connect with us

පුවත්

මියන්මාරයෙන් මුදවාගත් ලාංකිකයන් යළි දිවයිනට

Published

on

මියන්මාරයේ වංචනික සයිබර් ව්‍යාපාරවල බලහත්කාර සාපරාධී ක්‍රියාකාරකම් සිදු කිරීමේ ජාවාරම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ආපසු සියරට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, සාර්ථකව පහසුකම් සැලසීය.  

 ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම අනුව නීතිය බලාත්මක කිරීමේ මියන්මාර බලධාරීන් විසින් 2024 අප්‍රේල් 4 වැනි දින මෙම ශ්‍රී ලාංකිකයන් මුදාගන්නා ලදී. බැංකොක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් 2024 අප්‍රේල් 11 වැනි දින තායිලන්තයේ මෑසොට් දේශසීමා ද්වාරයේදී ඔවුන් භාරගනු ලැබිණි. ඉන් අනතුරුව බැංකොක් නුවර වෙත කැඳවාගෙන එනු ලැබූ ඔවුන්, සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහය ඇතිව ආපසු සියරට පිටත් කරවා හැරීමට කටයුතු සම්පාදනය කරන තෙක් නවාතැන් පහසුකම් සපයනු ලැබිණි.

සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය මුදාගත් ශ්‍රී ලාංකිකයන් ආපසු සියරට පිටත් කරවා හැරීම සඳහා සහය ලබා දිණි. ඔවුන් ජාවාරම්කරුවන්ගෙන් මුදවා ගනු ලැබ මියවඩි පොලිස් ස්ථානයේ තාවකාලිකව රැඳී සිටි කාලය තුළදී, මියන්මාරයේ පිහිටි ඊඩ්න් පදනම නමැති පුණ්‍යායතනය මඟින්, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔවුන්ට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපයනු ලැබිණි.

අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදුත අංශය මෙම පිරිස ආපසු සියරට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කළ අතර, එම අමාත්‍යාංශයේ ප්‍රදුත අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එස්.කේ.සෙනවිරත්න මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම ශ්‍රී ලාංකිකයන් අට දෙනා පිළිගත්තේය. තමන් ශ්‍රී ලංකාව වෙත ආරක්ෂිතව නැවත පැමිණීම සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දරනු ලැබූ අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව මෙම ශ්‍රී ලාංකිකයෝ සිය ඉමහත් ප්‍රසාදය පළ කළහ.

මේ සම්බන්ධයෙන් ලබාදුන් සහය වෙනුවෙන් මියන්මාර සහ තායිලන්ත රජයන්ට මෙන්ම සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කරයි.  

(විදේශ කටයුතු අමාත්‍යාංශය)

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved