Connect with us

පුවත්

මියන්මාරයේ රඳවාගෙන සිටි ලාංකිකයන් 08ක් මුදාගනියි

Published

on

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරු වල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මුදාගෙන ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙසේ මුදාගත් ලාංකිකයන් 08 දෙනා මේ වනවිට මයවඩ්ඩි පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවත්, ඔවුන්ව ඉක්මනින්ම යළිත් මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාරයේ පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ලද තොරතුරු අනුව මයවඩ්ඩි ප්‍රදේශයේ ස්ථාන 04ක මෙම ලාංකිකයන් 56 දෙනා රඳවාගෙන සිටින අතර, මෙලෙස මුදවාගෙන ඇති ලාංකිකයන් 08 දෙනා හමුවී ඇත්තේ එම  ස්ථාන හතරෙන් එකකිනි.

මෙලෙස රඳවාගෙන සිටින ඉතිරි ලාංකිකයන් සියල්ලන්ම මුදවා ගැනීමට අවශ්‍ය සියලු පියවර ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යංශය ගනිමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved