පුවත්

“මියන්මාර් ත්‍රස්තග්‍රහණයේ සිටින ඉතුරු 48ත් කඩිනමින් බේරාගන්නවා”

Published

on

මියන්මාරයේ වහල් කඳවුරකින් මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට එවීමට පියවර ගනිමින් සිටින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. 

ඔහු පැවසුවේ, එම ලාංකිකයින් 08 දෙනා සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ මේ වනවිට අවසන්ව ඇති බවයි.

දැනට මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් 48 දෙනාද කඩිනමින් මුදා ගන්නා බව තානාපතිවරයා පැවසුවේ ය. 

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව නිව්ස්ෆස්ට් අනාවරණය කළේ ය. 

මේ පිරිස මියන්මාරයට රැගෙන ගොස් තිබුණේ පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බව පවසමින් ය.

Trending

Exit mobile version