Connect with us

පුවත්

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවලට ලංකාවේ IT වෘත්තිකයන් යැවීම වැඩිවෙලා

Published

on

ආකර්ෂණීය වැටුප් ලැබෙන රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට තොරතුරු තාක්ෂණ දැනුම ඇති වෘත්තිකයන් වැඩි පිරිසක් රැගෙන යාමට තැනැත්තන් වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් විසින් කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප්වලට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ඊට අදාළ සම්මුඛ සාකච්ඡාවලට සහභාගි කරවන මුවාවෙන් එවැනි වෘත්තිකයන් ඩුබායි වැනි රටවලට රැගෙන ගොස් දේශ සීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට බලහත්කාරයෙන් යොදවන බවද හෙළිව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය මෙම අනතුරු ඇඟවීම කර ඇති අතර, එකී සයිබර් අපරාධ කඳවුරුවලදී ඔවුන්ට ශාරීරික වදහිංසා මෙන්ම විදුලිසර ඇල්ලවීම් පවා සිදුකර තිබෙන බව අනාවරණය වී ඇතැයි සඳහන්ය.

නීතිවිරෝධී සංක්‍රමණ මාර්ග භාවිතා කිරීම දැඩි ලෙස අවධානම් මෙන්ම එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කිරීමක් බවත්, රැකියා අපේක්ෂකයන් සංචාරක වීසා ලබාගෙන ගමන් නොකළ යුතු බවත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය අවධාරණය කරයි.

තවද බලයලත් ආයතන මගින් ආරක්‍ෂිත හා නීත්‍යානුකූල සංක්‍රමණ ක්‍රම අනුගමනය කරන ලෙසත් එවැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කරන ලෙසත් එම කාර්ය සාධක බලකාය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved