පුවත්

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිටි ලාංකිකයන් 32ක් මුදවාගැනේ

Published

on

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

මොවුන් අතර කාන්තාවන් 08 දෙනෙකුද සිටින බව වාර්තා වේ.

ඔවුන්ව අද (25) Mae Sot දේශසීමාව හරහා සුරක්ෂිතව තායිලන්තයට ගෙනගොස් තායිලන්තයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත භාරදී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඔවුන්ව ඉක්මනින්ම මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සම්බන්ධීකරණය කරනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

Trending

Exit mobile version