මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 12 වැනි දා මීගොඩ අර්ථික මධ්‍යස්ථානය තුළ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගිනි අවියකින් කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කර මුදල් කොල්ල කෑමක් සම්බන්ධ ව මීගොඩ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
එහි දී මෙම වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිය කඩවත පොලිස් වසමේ කිරිල්ලවල ප්‍රදේශයේ සඟවා ඇති බවට මීගොඩ පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.
එහි දී සිදු කළ වැටලීමේ දී එම යතුරුපැදිය, හිස් වැසුමක්, පිහියක් සහ කමිසයක් අවන්හල් කාමරයක් තුළ සඟවා තිබිය දී ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම යතුරුපැදිය සඟවා තබාගෙන සිටි අවන්හල් හිමිකරු සහ සැකකරුවන්ට රැඳී සිටීමට නිවස ලබා දී තිබූ සැකකරුවෙකු ද පොලීසිය විසින් එහි දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 44 වයස්වල පසු වන ඉඹුල්ගම හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සබැඳි පුුවත්:
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමක් – Sri Lanka Mirror – Right to Know. Power to Change