පුවත්

මීනගයා වැසිකිළියේ බිළිඳා දමාගිය ජෝඩුව රිමාන්ඩ්

Published

on

දුම්රිය වැසිකිළියේ දමාගොස් සිටියදී සොයාගත් බිළිඳාගේ දෙමව්පියන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද (12) දින ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (11) දිනයේදී 25 හැවිරිදි මව බණ්ඩාරවෙල ප්‍රදේශයේදී සහ 26 හැවිරිදි පියා කොස්ලන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

විමර්ශනවලදී අනාවරණය වූයේ දරුවාගේ දෙමව්පියන් අවිවාහක බවය.

කොළඹ, කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක දමාගොස් තිබියදී එම බිළිඳා සොයා ගැනුණේ පෙරේදා පස්වරුවේදීය.

මේ අතර, අදාල සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත්වීමකින් තොරව සැකකාර කාන්තාව අපහසුතාවට පත්වන අකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

මීට අමතරව ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු නොකිරීම ද බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පවතින තවත් චෝදනාවක් වෙයි.

Trending

Exit mobile version