පුවත්

මුතු ගෙනියන්න රුසියාවෙන් ගුවන්යානයක් ඇවිත්!

Published

on

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ තිබේ.

 මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 11.30ට පැමිණි බව ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි.

මුතු රාජා ඇතා දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා අද (01) මධ්‍යම රාත්‍රී 12.00  පිටත් වීමට නියමිතය.

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) අලුයම 03.00 ට පමණ  පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version