රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබි තාවකාලික රියදුරු බලපත්‍ර 2ක් තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පුද්ගලයකුට ලබාදී තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් ඔහුගෙන් උදුරා ගෙන මුව තුළට දමා ඉරා විනාශ කර තිබූ බවය.
බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල දි වංචාකාරී පුද්ගලයෙක් අල්ලාගෙන සිටින බවට බොරලැස්ගමුව පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.