කාශ්මීර ප්‍රාන්තයේ නොමිලේ ඉඩම් ලබා ගැනීමේ චෝදනාවක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට එල්ල විමත් සමඟ රුපියල් කෝටි 1650ක ආයෝජනයක් එම ප්‍රාන්තයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සිලෝන් බෙවරේජස් නමැති මුරලිදරන්ගේ සමාගම විසින් මෙම බීම කම්හලේ ආයෝජනය පූනේ වෙත ගෙනයෑමට නියමිතය.
ඉන්දියානුවකු නොවන මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආයෝජන සඳහා අක්කර 26ක් ලබා දුන්නේ කෙසේද යන්න ජම්බු කාශ්මීර ප්‍රාන්ත සභාවේදී ප්‍රශ්න කර තිබෙන බව සඳහන්ය.
මෙම ප්‍රශ්න කිරිම ප්‍රාන්ත සභාවේ දි සිදුවි ඊට පසුදිනම මෙම ආයෝජනය ඉවත් කිරීමට මුරලිදරන් තීරණය කර තිබේ.
කාශ්මීරයේ කාකුවා ප්‍රදේශයේ බීම කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට මෙම ඉඩම් වෙන්කර තිබු බව සඳහන්ය.
මුරලිදරන්ගේ සමාගමට අයත් කර්මාන්තශාලා තමිල්නාඩුවේ හා කර්නාටක ප්‍රාන්තයේ ක්‍රියාත්මක වේ.
මෙම සමාගම 2000 වසරේදී පිහිටුවා ඇත .