Connect with us

පුවත්

මුරුංගා කිලෝව 2000ට නගියි 

Published

on

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල ඊයේ (08) දිනයේදී රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.

එහි මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 1980 ක් ලෙස සටහන්ව තිබූ බවද පැවසේ.

එසේම දිව‍යිනේ සෙසු ආර්ථික මධ්‍යස්ථානවල ඊයේ දිනයේදී මුරුංගා අලෙවි කිරීමට ‍නොතිබූ බවද පැවසේ.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවා ඇති අතර මාළු මිරිස් තොග කිලෝවක් රුපියල් 1,200 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 1,100 කටද මේවන විට අලෙවි වේ.

පසුගිය දිනවල රුපියල් 2,000 ඉක්මවා පැවැති කැරට් කිලෝවක තොග මිල අද (09) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වූයේ රුපියල් 650 ක් ලෙසය.

නුවර එළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්..

පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි

Published

on

By

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය. 

මිය යන විට ඇය රෝගී තත්ත්වයෙන් පසු වූවාය. 

පිටපත් රචිකාවක ලෙස රජරට සේවයට සම්බන්ධවූ ඇය “විවරණ” විකල්ප සඟරාව ආරම්භ කිරීමට මූලිකවූ අතර “ධරණී” “ශක්ති තීරු පුවත්පත”, “මාධ්‍ය නිරීක්‍ෂක”, “සාමකාලී” සහ “ඇය” යන කාන්තා සඟරා සහ “සංකලන” නම් සංස්කෘතික සඟරාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කළාය. 

“යුක්තිය” පුවත්පතේ ආරම්භක සාමාජිකාවක වූ ඇය එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, ජ්‍යෙෂ්ඨ විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කර ඇත. 

මෙයට අමතරව “යංග් ඒෂියා” ටෙලිවිෂන් ආයතනයේ මුද්‍රිත අංශයේ සංස්කාරිකාව ලෙස හා විභවි විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන රැසකට ස්වේච්ඡාවෙන් දායකත්වය දක්වා තිබේ.

තිත්ත කවියකට පෙරවදනක්, කතා කරන ගිනිදලු, උරග විංසතියක කුරුලු බිත්තර, දෝංකාරය යන කාව්‍ය සංග්‍රහ සහ රාමන්, යක්කු, යන ප්‍රබන්ධ ඇගේ නිර්මාණ අතර වේ. 

අදහස් භාගනයේ ගොදුරු සහ සුනාමි වැන්දඹුවෝ යන පර්යේෂණ කෘති ඇගේ නිර්මාණ අතර වැදගත් දායකත්වයන්ය. 

සමාජ යහපත අරමුණු කරගත් මාධ්‍ය භාවිතාවක යෙදුණු ඇය මාධ්‍ය නිදහස සඳහා වූ සේපාල ගුණසේන සම්මානය, ඩී. එෆ්. කාරියකරවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාරය, සමාජ සංවර්ධනය උදෙසා වසරේ හොඳම වාර්තාකරණයට හිමි සම්මානය, සිළුමිණ ජාතික සමඟි සාහිත්‍ය සම්මානය – 2000, සාම සාහිත්‍ය සම්මානය, සාහිත්‍ය සහ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සාමය වෙනුවෙන් කළ කාර්යභාරය අගය කළ Peace Star සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගෙන ඇත. 

අවසන් කටයුතු 18දා අනුරාධපුරයේ දී පැවැත් වේ.

Continue Reading

පුවත්

NPP ආණ්ඩුවේ මංගල අයවැය අද

Published

on

By

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද (17 ) පෙරවරු 10.30ට ඉදිරිපත් කෙරේ.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ නව වැනි අයවැය වන අතර අයවැය ඉදිරිපත් කරන හතළිස් වැනි මුදල් ඇමැතිවරයා වන්නේ දිසානායක මහතාය.

අයවැය විවාදය හෙට (18) ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 25 වැනිදාය. 

කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින සවස 6ට පැවැත්වේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරෙන බව අවස්ථා කිහිපයක දී ප්‍රකාශයට පත් කෙරුණි.

2025 වසර සඳහා වන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (17) දිනයේදී දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති අතර අය-වැය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත. 

එමෙන්ම අය-වැය ඉදිරිපත් කරන අද දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

Continue Reading

පුවත්

පාතාලේ කප්පම් ඉල්ලන දුරකථන අංක 4ක් ගැන පරීක්ෂණයක්

Published

on

By

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කරමින් කප්පම් ලබාගැනීමේ ජාවාරමක නිරත පුද්ගලයෙක් ගැන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ විමර්ශනය සිදුකරන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර හතරකට පමණ පෙර විදෙස්ගත වූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඩුබායි හි රැඳී සිටින මෙම ජාවාරම්කරුවන්, කප්පම් ලබාගැනීම් සිදුකිරීම සඳහා මෙරට වෙනත් පුද්ගලයන් භාවිත කරමින් දුරකථන අංක කූට ක්‍රමවේදයක් ඔස්සේ යොදාගන්නා බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එහිදී ඔවුන් තාක්ෂණික ක්‍රමවේදයක් මගින් විවිධ පුද්ගලයන්ට ඒ ඒ පුද්ගලයන් භාවිත කරන දුරකථන අංකයෙන්ම ඇමතුම් ලබාදී ඇතැයි අනාවරණ වී ඇත.

ඒ අදාළ දුරකථන සමාගම මගින් ලැබෙන ඇමතුමක් බවට ඒත්තු ගැන්වීම සඳහා.

එලෙස ඇමතුම ලබාදී, දිනුම් ඇදීමකින් ත්‍යාගයක් දිනා ඇති බවත් එය පිරිනැමීම සඳහා දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් ලැබෙන OTP අංකය ලබාදෙන ලෙසත් පවසන බව අනාවරණ වී ඇත.

අනතුරුව OTP අංකය මගින් දුරකථනයේ සියලුම විස්තර ලබාගෙන එම දුරකථන අංකයට අදාළව ඊ- සිම්පතක් ලබාගන්නා ජාවාරම්කරුවන් එය භාවිත කරමින් කප්පම් ලබාගැනීම සිදුකරන බව පොලීසිය පවසයි.

එලෙස ජාවාරම සඳහා බහුලව යොදාගෙන ඇති දුරකථන අංක 4ක් පොලීසිය විසින් මේ වනවිට හඳුනාගෙන ඇත.

ඒ අනුව,

076 944 91 26
071 564 97 53
076 413 26 85
074 149 75 54

යන දුරකථන අංකවලින් දුරකථන ඇමතුමක් ලැබුණහොත් වහාම ඒ සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථානය දැනුම්වත් කරන ලෙස විමර්ශන නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved