එළඹෙන රාමසාන් සමයේ දී මුස්ලිම් ජාතික රාජ්‍ය සේවකයින් හට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
අදාළ දැනුම්දීම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් සිදුකර ඇත.
චක්‍රලේඛයේ සඳහන් පරිදී මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වෙන රාමසාන් සමය තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බවය.
අදාළ චක්‍රලේඛය පහත දැක්වේ