Connect with us

පුවත්

මුහුදෙන් ගොඩබැමේදී යළිත් බොර තෙල් ගැලුම් 5000ක් අතුරුදහන්

Published

on

මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මීට පෙර බොරතෙල් ගොඩබෑමේදී රුපියල් කෝටි ගණනක් වටිනා බොරතෙල් බැරල් 23786 ක් අතුරුදන් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන අරඹා තිබියදී දෙවැනි වරට අතුරුදහන් වූ තෙල් තොගය මෙය වේ. 

බොරතෙල් වාෂ්ප කරන බහිරවයන්ගේ කල්ලිය පවසා ඇත්තේ මුහුදේ සිට බොර තෙල් ගොඩ බාන නළයේ කාන්දුවක් නිසා බොරතෙල් බැරල් 5000 ක් අඩු වී ඇති බවය.

කෙසේ නමුත් පෙර වතාවල මෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් හා විශේෂ ඩ්‍රෝන කැමරා යවා පරීක්ෂා කිරීමේදී නළ පද්ධතියේ කිසිදු දෝෂයක් නැතැයි හෙළි වී ඇත. 

එසේ තිබියදී සැපයුම්කාර පෙට් කෙම් නමැති සමාගම අඩු ඉන්ධන බැරල් පන්දහටත් මුදල් අය කරගැනීමට සූදානම් වී ඇති අතර, එම මුදල් ගෙවීමට නිලධාරීන් පිරිසක් අකමැතිවී තිබේ.

ඒ අනුව මේ සිද්ධිය හෙළිව ඇත.

‘‘ කලින් වතාවන් තුනකදී තෙල් ගොඩ බානකොට බැරල් දහස් ගණනක් අතුරුදහන් කරමින් කළ සොරකම ගැන සෙවීමට නීතිපති පවා උපදෙස් දී තිබියදී විගණකාධිපති වාර්තා සඟවමින් මේවා යටපත් කරන්න ඇතැම් නිලධාරීන් හා බලධාරීන් උත්සාහ කළා. දැනුත් තෙල් බැරල් හොරකම් කරලා හොර රහසේම මහජන මුදල් කාබාසිනියා කරන්න යන්නේ. පිරිපහදු කළමනාකරු වෙන්න බලාගෙන ඉන්න දූෂිත නිලධාරියකුද මෙම ජාවාරම් පසුපස ඉන්නවා කියලා කලිනුත් හෙළි වුණා. අල්ලස් කොමිසමට දෙනවා කිව්වා සී .අයි. ඩී එකට දෙනව කිව්වා. හැබැයි තාමත් සොරකම සිදුවෙනවා. සංස්ථාව වලපල්ලටම යවන්න තමයි මේ ජාවාරම්කරුවෝ හදන්නේ යැයි’’ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිය පුවත්පතට පැවසූ බව අරුණ පුවත්පත හෙළිකර තිබේ.

බොරතෙල් බැරලයක තෙල් ලීටර් 159 ක් අඩංගුවේ.

එක් වරකට බොරතෙල් නැවක් ගොඩබෑමේදී අපතේ යා හැකි සම්මත ප්‍රමාණ තොගයෙන් බින්දුවයි දශම තුනක් (0.3) ලෙස සලකා තෙල් බැරල් 1800 ක් අතුරුදන් ජාවාරමක් කාලයක් තිස්සේ සිදුවී ඇතැයි මීට පෙර අනාවරණය වී තිබිණි.

එම මුදල ඉතිරි කර ගත හැකිනම් එක් තෙල් නැවකින් රුපියල් පන්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් ඉතිරි කර ගත හැකි බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ අද්මිරාල් රවින්ද විජේගුණරත්න මහතා එවකට පෙන්වා දී තිබූ බව පැවසේ.

එම වංචාව නවත්වා ගත හැකිනම් ඉන්ධන ලීටරය රුපියල් පනහකින් අඩු කළ හැකි බවද ඔහු එවකදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අනාවරණය කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved