Connect with us

පුවත්

මුහුදෙන් ගොඩබැමේදී යළිත් බොර තෙල් ගැලුම් 5000ක් අතුරුදහන්

Published

on

මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

මීට පෙර බොරතෙල් ගොඩබෑමේදී රුපියල් කෝටි ගණනක් වටිනා බොරතෙල් බැරල් 23786 ක් අතුරුදන් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන අරඹා තිබියදී දෙවැනි වරට අතුරුදහන් වූ තෙල් තොගය මෙය වේ. 

බොරතෙල් වාෂ්ප කරන බහිරවයන්ගේ කල්ලිය පවසා ඇත්තේ මුහුදේ සිට බොර තෙල් ගොඩ බාන නළයේ කාන්දුවක් නිසා බොරතෙල් බැරල් 5000 ක් අඩු වී ඇති බවය.

කෙසේ නමුත් පෙර වතාවල මෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් හා විශේෂ ඩ්‍රෝන කැමරා යවා පරීක්ෂා කිරීමේදී නළ පද්ධතියේ කිසිදු දෝෂයක් නැතැයි හෙළි වී ඇත. 

එසේ තිබියදී සැපයුම්කාර පෙට් කෙම් නමැති සමාගම අඩු ඉන්ධන බැරල් පන්දහටත් මුදල් අය කරගැනීමට සූදානම් වී ඇති අතර, එම මුදල් ගෙවීමට නිලධාරීන් පිරිසක් අකමැතිවී තිබේ.

ඒ අනුව මේ සිද්ධිය හෙළිව ඇත.

‘‘ කලින් වතාවන් තුනකදී තෙල් ගොඩ බානකොට බැරල් දහස් ගණනක් අතුරුදහන් කරමින් කළ සොරකම ගැන සෙවීමට නීතිපති පවා උපදෙස් දී තිබියදී විගණකාධිපති වාර්තා සඟවමින් මේවා යටපත් කරන්න ඇතැම් නිලධාරීන් හා බලධාරීන් උත්සාහ කළා. දැනුත් තෙල් බැරල් හොරකම් කරලා හොර රහසේම මහජන මුදල් කාබාසිනියා කරන්න යන්නේ. පිරිපහදු කළමනාකරු වෙන්න බලාගෙන ඉන්න දූෂිත නිලධාරියකුද මෙම ජාවාරම් පසුපස ඉන්නවා කියලා කලිනුත් හෙළි වුණා. අල්ලස් කොමිසමට දෙනවා කිව්වා සී .අයි. ඩී එකට දෙනව කිව්වා. හැබැයි තාමත් සොරකම සිදුවෙනවා. සංස්ථාව වලපල්ලටම යවන්න තමයි මේ ජාවාරම්කරුවෝ හදන්නේ යැයි’’ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිය පුවත්පතට පැවසූ බව අරුණ පුවත්පත හෙළිකර තිබේ.

බොරතෙල් බැරලයක තෙල් ලීටර් 159 ක් අඩංගුවේ.

එක් වරකට බොරතෙල් නැවක් ගොඩබෑමේදී අපතේ යා හැකි සම්මත ප්‍රමාණ තොගයෙන් බින්දුවයි දශම තුනක් (0.3) ලෙස සලකා තෙල් බැරල් 1800 ක් අතුරුදන් ජාවාරමක් කාලයක් තිස්සේ සිදුවී ඇතැයි මීට පෙර අනාවරණය වී තිබිණි.

එම මුදල ඉතිරි කර ගත හැකිනම් එක් තෙල් නැවකින් රුපියල් පන්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් ඉතිරි කර ගත හැකි බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ අද්මිරාල් රවින්ද විජේගුණරත්න මහතා එවකට පෙන්වා දී තිබූ බව පැවසේ.

එම වංචාව නවත්වා ගත හැකිනම් ඉන්ධන ලීටරය රුපියල් පනහකින් අඩු කළ හැකි බවද ඔහු එවකදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අනාවරණය කර තිබුණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!

Published

on

By

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට රීසා සරූක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටී.

විපක්ෂයේ සියලු පක්ෂවල එකගතාව ඊට ලැබී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලයක පහුගිය සතියේ පැවති සජබ – එජාප – ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවල  නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමකදී එවැනි පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.  

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ. ඒ අනුව නගරාධිපති ධුරය සමගි ජන බලවේගය වෙත ලබාදීමටත් නියෝජ්‍ය නගරාධිපති ධුරය එකසත් ජාතික පක්ෂය වෙත ලබාදීමටත් එකඟතාවයට පත්ව ඇත.

මේ අතර ජාතික ජන බලවේගය විසින් සිය නගරාධිපති ලෙස නම් කර ඇත්තේ රායි බ්‍රැල්තසාර් ය.

මූලාශ්‍රය – ද ලීඩර්

Continue Reading

පුවත්

මිචලින් සේවකයන් බාරගන්නා බව සියැට් නිවේදනය කරයි

Published

on

By

තම පරිපාලනය යටතේ මිචලින් කර්මාන්ත ශාලාවේ දැනට සේවයේ යෙදෙන සේවක සේවිකාවන්ගේ රැකියා සියල්ල මුළුමනින්ම සුරක්ෂිත බව, ඉහත එම කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමා සහිත සියැට් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියැට් ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම කියා සිටී.

මේ ගනුදෙනුව යටතේ මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැසෝ සන්නාමය යටතේ වන Off-Highway ඉදි කිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමා සහිත සියැට්ස මාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග 2024 දෙසැම්බර් මස දී ගිවිසුමකට එළඹි බවද එම සමාගම නිවේදනය කරයි.

එම ගිව්සුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්ත ශාලාව, කොටුගොඩ පිහිටි කාස්ටිං කර්මාන්තශාලාව සහ එම සමාගම සතු අනෙකුත් මධ්‍යගත සේවා සපයන අංශ වල කොටස් කිහිපයකුත් සියැට් සමාගම සතු වන බව පැවසේ.

මිල දී ගැනීමෙන් පසුව සිදු වන සංක්‍රාන්තිය, සේවක සේව්කිවන්ගේ රැකියා සුරක්ෂිත භාවය සහ යහ පැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුමධ හා විනිවිද භාවයෙන් යුතුව සිදු විය යුතු බව සමාගමේ දැඩි විශ්වාසය බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 ඒ අනුව මෙම ක්‍රියාවලිය අතරතුර, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සියැටි ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම, මීචලින් ලංකා (පුද්ගලික) සමාගම සහ අන්තර් සමාගම් සේවක සංගමය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට 2025 මැයි මස 22 වැනිදා අත්සන් තැබූ බවද පැවසේ.

සේවක මහත්ම මහත්මීන්ගේ 100% රැකියා සුරක්ෂිත භාවය, මීචලින් සමාගමේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව, ජ්‍යෙෂ්ඨත්වය සහ වැටුප් හා වරප්‍රසාද අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම අවබෝධතා ගිවිසුමෙන් තහවුරු කර ඇතැයිද දැක්වේ.

 සේවක තෘප්තිමත් භාවය සහ ඔවුන්ව රැකබලා ගැනීම පූර්ණ අභිලාෂය කරගත් සියැටි සමාගම මෙම ගිවිසුමේ කොන්දේසි සර්වප්‍රකාරයෙන් සපුරාලීමට කැප වී සිටින අතර රටවල් 120කට අධික ප්‍රමාණයක් පුරා විහිදුණු තම ව්‍යාපාරික ජාලය හා අනෙකුත් සියලු සම්පත් උපයෝගී කරගනිමින් නව ව්‍යාපාර කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ද කැප වී සිටින බව අවධාරණය කරයි.

 ඉන්දියාවේ RPG සමූහ ව්‍යාපාරයට අයත් මුම්බායි කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි සීමා සහිත සියැට් සමාගම කාර් ටයර්, බස් හා ට්‍රක් ටයර්, මෝටර් සයිකල් හා ස්කූටර් ටයර් සහ Off-Highway ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්‍රමුඛ පෙළේ සමාගමකි. 

පූර්ණ රජයේ ආයතනයක්ව තිබූ කැලණි ටයර් සංස්ථාව මිලදී ගනු ලැබුවේද ඉන්දියානු සියැට් සමාගම විසිනි. 1993 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙය තරමත ආන්දෝලනාත්මක ගනුදෙනවක් සේ සැලැකේ.

කෙස්වුවද, මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනය විකිණීමට සූදානම් වන බව පවසමින් එහි සේවකයෝ පසුගියදා විරෝධතාවක්ද පවත්වා තිබිණි. 

සබැදි පුවත්

Continue Reading

පුවත්

සංක්‍රාන්තික කත කතක්දැයි බලන්න ගිය ලාංකික සංචාරකයකුට ඔලුව පැලෙන්න ගහලා

Published

on

By

තායිලන්තයේ පතායාහීදී සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගේ අඩි උස සපත්තුවෙන් පහර කා හිසේ ලේ ගලන තුවාල සහිතව සිටි ශ්‍රී ලාංකික සංචාරකයකු ඉකුත්දා රාත්‍රියේ එම ප්‍රදේශයේ පොලිසියට හමුව තිබේ.

ලිංගික සේවාවක් ලබාගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සිදුවූ සිදුවීමක් අවසානයේ උරණ වූ 29 හැවිරිදි එකී සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් මෙම 54 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇය පැලඳ සිටි අඩි උස සපත්තුවෙන් ඔහුගේ හිසට පහර කිහිපයක් එල්ල කිරීම හේතුවෙන් ඔහු මෙලෙස තුවාල ලබා තිබේ.

පහර දුන් කාන්තාව විසින් පොලිසියට පවසා ඇති අන්දමට එම ශ්‍රී ලාංකිකයා අදාළ කාන්තාවගෙන් ලිංගික සේවය ලබාගැනීම සඳහා මිල ගණන් විමසීමෙන් අනතුරුව, ඇය සැබැවින්ම කාන්තාවක් දැයි සැක හැර දැන ගැනීමට තමන්ට අවැසි බව කියමින් ඔහු ඇය ස්පර්ශ කර තිබේ. 

නමුත් එක්වරක් එසේ ස්පර්ශ කිරීමෙන් අනතුරුව තමන්ට ඇයගේ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට නොහැකි වූ බව පවසමින් නැවත වරක් ඇයව එලෙස ස්පර්ශ කිරීමට උත්සහ දරා ඇති අතර තමන්ට කිසිදු මුදලක් නොගෙවා නැවතත් එලෙස කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්ව තමන් එසේ පරහදීමට පෙලැඹුණු බවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් පොලිසිය හමුවේ පවසා තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved