පුවත්

මුළු කොළඹම කළුවරවීමේ අවදානම් තත්ත්වයක

Published

on

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති නිසා කොළඹ නගරයේ සියලුම විදී ලාම්පු සහ මාර්ග සංඥා පුවරුවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි වීමේ අවදානමක් මතුව ඇති බවට ලංකා විදුලි බලමණ්ඩලය අනතුරු අඟවයි.

මාස පහකට ආසන්න කාලයක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරිය හිඟ විදුලි බිල වන රුපියල් මිලියන 15 ක මුදලක් ගෙවා මෙතෙක් නොගෙවීම මේ තත්ත්වයට මුලපුරා ඇති බව පැවසේ.

මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවකදීම විදුලි බල මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ. මෙම අධිකාරිය යටතේ ගිණුම් 15 කට ආසන්න ගණනක් ඇති අතර මාසිකව මෙම සියලුම ගිණුම්වල එකතුව ලෙස රුපියල් මිලියන 03 ක විදුලි බිලක් පැමිණෙන බව වාර්තාවේ.

මණ්ඩලේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවදුරටත් මෙම ආයතනය විදුලි බිල ගෙවීම පැහැර හරිනවානම් විදී ලාම්පු සහ මාර්ග සංඥා පුවරුවල විදුලිය විසන්දි කිරීමට සිදුවන බවය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version