Connect with us

පුවත්

මුළු රටේම සුනඛයන් ඉන්නේ ලක්ෂ 30යි, ප්‍රමිතගේ දත්ත වැරදියි!

Published

on

මෙරට සිටින්නේ ලක්ෂ තිහක පමණ සුනඛ ගහනයක් බවත් ඉන් වැඩි සුනඛයන් සංඛ්‍යාවක් සිටින්නේ නිවෙස් තුළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකය පවසයි.

එසේ වුවද ඉදිරියේදී මෙරට සිටිනා සුනඛයන් සංගණනයක් සිදු කරන බව ද  ප්‍රජා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා කියයි.

මෙරට සිටින සුනඛයන් එන්නත්කරණය සහ වන්ද්‍යාකරණය අඛණ්ඩව සිදුකරන බවද පවසන ඒ මහතා මෙරට නීතියට අනුව සුනඛයන් මරණයට පත්කිරීම තහනම් බව ද කීය.

සුනඛයන් එන්නත් කිරීමෙන් සහ වන්ද්‍යාකරණය කිරීමෙන් සුනඛ ගහණය පාලනය කළ නොහැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

දඩාවතේ යන සුනඛයන්ට මහාමාර්ගවල කෑම බීම දීම අඩු කිරීමෙන් යම් තරමක පාලනයක් සිදු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම සංඛ්‍යා ලේඛණ අධ්‍යනයකින් තොරව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා රට තුළ දඩාවතේ ගැවසෙන සුනඛ ගහණය ලක්ෂ හැට දෙකක් බව කී ප්‍රකාශය සම්පුර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව සත්ත්ව සුබ සාධන සංගම් අවධාරණය කරයි.

රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා පර්ලිමේන්තුවේදී සිදුකළ එම ප්‍රකාශයෙන් යළිත් රට තුළ සුනඛ ඝාතනයක් සිදු කිරීමේ සැකයක් ඇති බව මානුෂීය ක්‍රම මගින් සත්ත්ව ගහණය කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ නිර්මාතෘ පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved