පුවත්

මෙන්ඩිස් කේස් එක​ට හිරේ ගිය අනෙක් අධ්‍යක්ෂ දිලිත්ගේ පක්ෂයේ ප්‍රබලයෙක්

Published

on

වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් සමග සිරදඬුවම් නියම වු දිනේන්ද්‍ර ජෝන් නැමැත්තා දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව වාර්තා වේ.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් සමග වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරුවෙකු ලෙස ඔහුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

සබැඳි පුවත්:

ඇලෝෂියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි (Update)

Trending

Exit mobile version