ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ජුලි 31දා සිට වසා දමන බව නිවේදනය කර තිබේ.
එබැවින් අගෝස්තු 01දා සිට ශ්‍රී ලංකාව හා මාලදිවයින් දූපත් සමග නෝර්වේ රාජ්‍යය අතර සිදු කරන ද්විපාර්ශවික සබඳතා වල වගකීම ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය සතු වන බව මේ දක්වා මෙරට නෝර්වේ තානාපතිනිය ලෙස කටයුතු කළ Trine Jøranli Eskedal මහත්මිය විසින් පළ කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.