Connect with us

පුවත්

මේජර් බුලත්වත්තට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරයි!

Published

on

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත.

විශ්‍රාමික යුද හමුදා මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළක්වා ලමින් මෙසේ සම්බාධක පනවා තිබේ.

ලෝකයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සම්බාධක පැනවූ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කර තිබේ.

2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයර් සම්බන්ධ සිදුවීම මුල්කොට ගනිමින් මෙසේ සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

‘ද නේෂන්’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ප්‍රභාත් බුලත්වත්තට ජනාධිපතිවරයා විසින් 2019 වසරේ දී ලූතිනන් කර්නල් ධුරයට ද උසස්වීමක් ලබාදී තිබිණි.

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved