ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත.
විශ්‍රාමික යුද හමුදා මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළක්වා ලමින් මෙසේ සම්බාධක පනවා තිබේ.
ලෝකයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ දූෂණ සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සම්බාධක පැනවූ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ බව නිවේදනය කර තිබේ.
2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයර් සම්බන්ධ සිදුවීම මුල්කොට ගනිමින් මෙසේ සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
‘ද නේෂන්’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ප්‍රභාත් බුලත්වත්තට ජනාධිපතිවරයා විසින් 2019 වසරේ දී ලූතිනන් කර්නල් ධුරයට ද උසස්වීමක් ලබාදී තිබිණි.