සිව්වන වරටත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස රමාල් සිරිවර්ධන මහතා ඊයේ (02) පස්වරුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය.
එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ තමාට ලංගමය අලුත් තැනක් නොවන බවත් 1994 සිට 2001, 2006 සිට 2007 සහ 2015 සිට 2019 දක්වා කාලයේ ලංගමයේ සභාපති ලෙස වැඩිම කාලයක් සේවය කර ඇත්තේ තමා බවත්ය.
“ලංගමය මම සලකන්නේ දෙවෙනි නිවහන හැටියටයි. ලංගම සේවකයන් මගේ දරුවො හැටියට තමයි එදත් සැලකුවේ අදත් සලකන්නේ. මම ජාතික ජනබලවේගයට සම්බන්ධ වුණේ ආරම්භයේදීමයි. පසුගිය රජයන් විසින් සිදුකළ දේවල් ගැන මගේ දැඩි කලකිරීමක් තිබුණා. මට පැමිණි බලපෑම් නිසාම මම 2019 ඉල්ලා අස්වුණා. නමුත් ප්‍රවාහන අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන හතට සභාපතිවරුන් පත්කරන අවස්ථාවේ පළමුවෙන්ම මාව ලංගමයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් මම දරුවො ළඟට ඇවිත් ඉන්නවා. අපි සියලු දෙනාම එක්ව ලංගමය වෙනුවෙන් සුබවාදී වැඩ කොටසක් කරමු.”
ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිව සිටි කාලයේදී ද, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේදී ද, මෙත්රෙීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි කාලයේදී ද ලංගමේ සභාපති ධූරය දරා තිබේ.
ඒ මහතාට අදාළ ධූරය අහිමිව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු කළ සමයේදී පමණි.