හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.
එම නියෝගයේ සදහන් වන්නේ අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසය.
මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද විමර්ශනවලට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දීම සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පැවරූ නඩුව කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය සිදු කරන ලදී.