පුවත්

මෛත්‍රීගේ හිටපු මාධ්‍ය ලේකම් 13තෙක් රිමාන්ඩ්

Published

on

කැන­ඩා­වට යවන බව පවසා රුපි­යල් ලක්ෂ පහක මුද­ලක් වංචා කළ හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාගේ මාධ්‍ය ලේක­ම්ව­ර­යෙක් ලෙස කට­යුතු කළ පුද්ග­ල­යෙක් ලබන නොවැ­ම්බර් 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (31) නියෝග කළේය.

සාක්ෂි­ව­ලට බල­පෑම් කිරී­මක් සිදු විය හැකි බැවින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සිය අධි­ක­ර­ණ­යට සැක­කරු ඉදි­රි­පත් කර­මින් ඉල්ලා සිටි­යේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ පොලො­න්න­රුවේ පදිංචි රසික බණ්ඩාර නමැති පුද්ග­ල­යෙි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ පොලො­න්න­රුව දිස්ත්‍රික් නායක වසන්ත ජය­ව­ර්ධන මහ­තාගේ පුද්ග­ලික ලේකම් මොහො­මඩ් ෂෆීක් නමැති අයකු කළ පැමි­ණි­ල්ල­කට අනුව සිදු කළ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­කරු පොලි­සි­යට පැමිණි බවත් චෝද­නාව කියවා දී අත්අ­ඩං­ගු­වට ගත් බවත් පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

(දිනමිණ)

Trending

Exit mobile version