ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටීමක් සිදු නොවීය.
ඒ අනුව, අදාළ නඩුව ඒක පාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.