පුවත්

මොණරාගලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයක්

Published

on

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල – බිබිල මාර්ගයේ පුහුණු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමට නියමිතය.

මෙම තීරණය අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසා දීමට හැකියාව ලැබේ.

කම්කරු අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Trending

Exit mobile version