Connect with us

පුවත්

“මොන ඡන්දය තිබ්බත් රනිල් පරදින බව රංගේ නිලවශයෙන් පිළිගත්තා” (වීඩියෝ)

Published

on

ඉදිරියේ එන ඕනෑම ඡන්දයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරදින බව රංගෙ බණ්ඩාර නිලවශයෙන් පිළිගෙන අවසන් බවත් ඉදිරි ඡන්ද කල් දැමීමට රනිල් වික්‍රමසිංහට මහතාට නොහැකි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ තව අවුරුදු දෙක්ක රනිල් වික්‍රමසිංහට බලයේ සිටීමට ඉඩ දී මැතිවරන කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දකවමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස,

“එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ යම් යම් කණ්ඩායම් තැන් තැන්වල ඡන්දයක් නොතියා මේ ජනාධිපතිට තව බලය දෙමු, තව අවුරුදු දෙක්ක රනිල් වික්‍රමසිංහට ඉන්න දෙමු වගේ කතන්දර කියන්න පටන් අරගෙන තියෙනවා. ඒවා පහුගිය දවස්වල අපි කිසිදු තඹේකටවත් ගණන් ගත්තේ නැහැ, තැකීමක් කරේ නැහැ, මොකද එවැනි කතා කිසිදු වගතුවක් නැහැ, වගවීමක් නැහැ ඒව ගණන් ගන්න ඕන නැහැ.

නමුත් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර ප්‍රකාශයක් කරලා තියෙනවා ජනාධිපතිවරණය තියෙන්නෙත් නැතුව මහ මැතිවරණය තියන්නෙත් නැතුව අවුරුදු දෙකක් මේ ජනාධිපතිටයි ආණ්ඩුවටයි යන්න දෙන්නය, ඒක එහෙම යන්න දෙන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් ඒක තියමු කියලා. ඒකත් අනිවාර්යයෙන් තියන්න ඕන කියලා නැහැ. ජනාධිපතිවරයාගේ පක්ෂයේ මහ ලේකම්වරයා වන රංගෙ බණ්ඩාර පිළිගන්නවා නිල වශයෙන්ම, ජනාධිපතිවරණයක් හෝ වේවා මහ මැතිවරණයක් වේවා කවර ඡන්දයක් තිබ්බත් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රසිංහ පරාදයි කියන එක පිළි අරගෙන තියෙනවා. ඔවුන් ඒක ප්‍රසිද්ධියේම පිළි අරගෙන තියෙනවා.

නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ රංගෙ බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙනවයි කියලා මේ රටේ ජනතාවගේ අයිතිය පරමාධිපත්‍ය බලය උල්ලංඝණය කරන්න, ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. මේක බරපතල ප්‍රකාශයක් හැටියට අපි සළකනවා. රංගෙ බණ්ඩාරලට මෙවැනි ආකාරයේ කුමන්ත්‍රණ කරන්න හිතන්නවත් අවස්ථාවක් අයිතියක් මේ රටේ ජනතාව දීල නැහැ. එමනිසා ජනාධිපතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයෙන් පස්සේ එළඹීමට නියමිත මහ මැතිවරණය නොපවත්වා තමන්ගේ බලය ඉදිරියට අරගෙන යන්න රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත රංගෙ බණ්ඩාරලා ක්‍රියා කරනවානම්, කල්පනා කරනවානම් ඒකට මේ රටේ ජනතාව දෙන්න ඕන පිළිතුර ක්ෂණිකව ලබාදේවි.”

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved