පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Published

on

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන 20 වැනිදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවිනි.

මැතිවරණ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම සදහා එදිනට සාමාන්‍ය රාජකාරි සිදු නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Trending

Exit mobile version