Connect with us

පුවත්

මෝටර් රේස් සංවිධානයට SLASට සහය නොදෙන්න SLARDA තීරණය කරයි

Published

on

නරියාකන්දේ සුපර් ක්‍රොස් තරගාවලියේ සිදු වූ රිය අනතුරේදී මෝටර් රථ ධාවකයන්ට සහාය නොදැක්වීම නිසා ඉදිරියේදී ඔටෝ මොබයිල් සංගමය (SLAS)  මගින් සංවිධානය කරන කිසිදු තරගාවලියකට තමන් සහභාගි නොවන බවට SLARDA හෙවත් මෝටර් රථ ධාවකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 

ශ්‍රී ලංකා යුද හමුදාව හා ඔටෝමෝබයිල් සංගමය එක්ව සංවිධානය කරන ලද නරියාකන්ද ෆොක්හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ 18 වැනි තරගයේදී මෝටර් රථ ධාවකයන් දෙදෙනකු විසින් දූවිලි නිසා රථ හැසිරවීමට නොහැකි වීමෙන් ධාවන පථයෙන් පිටතට යාම නිසා ධාවන පථය අයිනේ සිටි තරග මාෂල් වරුන් තිදෙනකු ඇතුළු නරඹන්නන් හත් දෙනකු මිය ගිය අතර 23 දෙනකු තුවාල ලැබූහ. 

මෙම ධාවකයන් දෙදෙනාද තුවාල ලබා රෝහල්ගතව සිටියදී දියතලාව පොලිසිය මගින් ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. 

මෙම සිද්ධියේදී තරගයක් අතරතුර ධාවන පථයේ සිදු වූ අනතුරක් මහ මග අනතුරක් සේ සළකා කටයුතු කළ දියතලාව පොලිසියට තරයේ අවවාද කළ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා ධාවකයන් දෙදෙනා නිදහස් කර හරින ලදී. 

මෙහිදී එම ධාවකයන් දෙදෙනා මත් ද්‍රව්‍ය හෝ මත් වතුර භාවිතා කර තිබේද යන්නත් පරීක්ෂා කළ දියතලාව පොලිසිය ඔවුන් උසාවියට ඉදිරිපත් කර තිබුණේ අධික වේගයෙන් රිය පදවා මනුෂ්‍ය ඝාතන සිදු කළ බවට චෝදනා කරමිනි. 

පොලිසියේ මේ චෝදනා විහිළුවක් වනුයේ මෝටර් රථ ධාවන තරගයක අධික වේගයෙන් මිස හෙමින් ධාවනයක් නොවන නිසාත් තරගයක් අතර තුර ධාවන පථයක සිදුවන අනතුරක් මහා මාර්ගයේ සිදුවන සාමාන්‍ය අනතුරක් සේ සළකා චෝදනා පත්‍රය සකස් කිරීමයි. 

වාර්තා වන අන්දමට දියතලාව පොලිසිය මෙසේ කටයුතු කර ඇත්තේ සංවිධායකයන්ගේ වැරැද්ද වසා ගැනීමට ඉහළින් ආ බලපෑමක් අනුව බවයි.

මේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුද හමුදාවෙන් 7දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් හා ඔටෝ මොබයිල් සංගමයෙන් (SLAS)  තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ ද මෙතෙක් අදාළ අනතුර සම්බන්ධ පරීක්ෂණ වාර්තා ලැබී නැතැයි පැවසේ.

 සබැඳි පුවත්:

7ක් මැරුණ දින රෑ නරියා කන්දේ සංවිධායකයෝ පාටි දාලා (වීඩියෝ)

ෆොක්ස්හිල්‘ අනතුරේ රියැදුරන් රිමාන්ඩ් 
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි දරුණු අනතුරක් 5ක් මරුට (Update) 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved