නරියාකන්දේ සුපර් ක්‍රොස් තරගාවලියේ සිදු වූ රිය අනතුරේදී මෝටර් රථ ධාවකයන්ට සහාය නොදැක්වීම නිසා ඉදිරියේදී ඔටෝ මොබයිල් සංගමය (SLAS) මගින් සංවිධානය කරන කිසිදු තරගාවලියකට තමන් සහභාගි නොවන බවට SLARDA හෙවත් මෝටර් රථ ධාවකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාව හා ඔටෝමෝබයිල් සංගමය එක්ව සංවිධානය කරන ලද නරියාකන්ද ෆොක්හිල් සුපර් ක්‍රොස් තරගාවලියේ 18 වැනි තරගයේදී මෝටර් රථ ධාවකයන් දෙදෙනකු විසින් දූවිලි නිසා රථ හැසිරවීමට නොහැකි වීමෙන් ධාවන පථයෙන් පිටතට යාම නිසා ධාවන පථය අයිනේ සිටි තරග මාෂල් වරුන් තිදෙනකු ඇතුළු නරඹන්නන් හත් දෙනකු මිය ගිය අතර 23 දෙනකු තුවාල ලැබූහ.
මෙම ධාවකයන් දෙදෙනාද තුවාල ලබා රෝහල්ගතව සිටියදී දියතලාව පොලිසිය මගින් ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
මෙම සිද්ධියේදී තරගයක් අතරතුර ධාවන පථයේ සිදු වූ අනතුරක් මහ මග අනතුරක් සේ සළකා කටයුතු කළ දියතලාව පොලිසියට තරයේ අවවාද කළ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා ධාවකයන් දෙදෙනා නිදහස් කර හරින ලදී.
මෙහිදී එම ධාවකයන් දෙදෙනා මත් ද්‍රව්‍ය හෝ මත් වතුර භාවිතා කර තිබේද යන්නත් පරීක්ෂා කළ දියතලාව පොලිසිය ඔවුන් උසාවියට ඉදිරිපත් කර තිබුණේ අධික වේගයෙන් රිය පදවා මනුෂ්‍ය ඝාතන සිදු කළ බවට චෝදනා කරමිනි.
පොලිසියේ මේ චෝදනා විහිළුවක් වනුයේ මෝටර් රථ ධාවන තරගයක අධික වේගයෙන් මිස හෙමින් ධාවනයක් නොවන නිසාත් තරගයක් අතර තුර ධාවන පථයක සිදුවන අනතුරක් මහා මාර්ගයේ සිදුවන සාමාන්‍ය අනතුරක් සේ සළකා චෝදනා පත්‍රය සකස් කිරීමයි.
වාර්තා වන අන්දමට දියතලාව පොලිසිය මෙසේ කටයුතු කර ඇත්තේ සංවිධායකයන්ගේ වැරැද්ද වසා ගැනීමට ඉහළින් ආ බලපෑමක් අනුව බවයි.
මේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුද හමුදාවෙන් 7දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් හා ඔටෝ මොබයිල් සංගමයෙන් (SLAS) තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ ද මෙතෙක් අදාළ අනතුර සම්බන්ධ පරීක්ෂණ වාර්තා ලැබී නැතැයි පැවසේ.
සබැඳි පුවත්:
7ක් මැරුණ දින රෑ නරියා කන්දේ සංවිධායකයෝ පාටි දාලා (වීඩියෝ)
ෆොක්ස්හිල්‘ අනතුරේ රියැදුරන් රිමාන්ඩ්
ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් හි දරුණු අනතුරක් 5ක් මරුට (Update)